Wednesday, November 16, 2011

කූඹි

Monday, November 14, 2011

ආදරය

Saturday, November 12, 2011

මගේ නම සහ මගේ හම

පුංචි කාලෙදි මං ආසම නැත්තෙ
මගේ නමේ මුල් අකුරට
උඩින් අංඩයි, යටින් අංඩයි
අමාරුයි ලියන්න කොයි විදියටවත්
කියන්න ගියාම ඊටත් එහා

එහා වැටේ හිටපු මගෙ යාලුවො
ජගත්, දෙවෙනි, කැකුළු එහෙම
මට කිව්වෙ එකේක නම්
උන්නෙ කටට එනේන තාලෙට
එකෙක් පිසාංත, තවෙකෙක් තිසාංත

ඉස්කෝලෙදි නම් නං හතරයි මට
කෙල්ලො කටවල් උල් කර
කිව්වා මගේ මුල් නම
උෂ්මාක්ෂරෙත් හරි සද්දෙට

කොල්ලංට නම් ඉතිං ඔහෙ
නිකම්ම නිකං ‘කිරී‘  මං
නැත්තං ඉතිං ‘කිරියා‘

මුල් නම ‘ක්‍රිෂ්ණ‘ ගෙන් බිඳුනෙන්
අග නම බටහිරෙන් ආවෙන්
සිංහල ගුරුතුමී නං
කිව්වේ මගේ මැද නම

එතුමිය හරිම කැමතියි
ආරිය සිංහල නම්වලට
“උතුරෙන් සැඩි දෙමළු,
 දකුණෙන් අධිරාජ්‍යවාදියො“

ඉංග්‍රීසි ටීචර් නම්
සිංහල ගුරුතුමී එක්ක මිතුරුයි කවදත්
ඒත් එතුමිය නම්
ප්‍රිය කළා මගේ අග නම
ඉසිරුවා එය උප්පැන්නෙ පිළිවෙළටම

ඉතිං ඇහුවොත් කවුරුහරි
‘මොකක්ද ඔයා ගේ නම‘
එතරම් විපිලිසර පැනයක්
තිබුණෙ නෑ මට කවදාවත්

දිනෙක එන විට ගුවනින
ලොස්ඇන්ජලීස් නුවරට
සිටියා තරබාරු අඟනක්
ඉඳගෙන මා අසලින

ඈ සිනා බරිතව
ඇමතීය මා නොතේරෙන
ස්පාඤ්ඤ භාෂාවෙන

විපිළිසර මා මතකය
දිව ගියා කොම්පඤ්ඤ වීදියට
පිපිඤ්ඤ පටවන මිනිසුන් ගැවසෙන
නොමැත්තෙන් දැනුමදුකුදු
ස්පාඤ්ඤය ගැන

දිනක් සරසවියේදි හමු වුණ
මොට්ටැක්කිලියක් පැළැඳි යෙහෙළිය
විමසුවා මගෙ රට
අරාබිය දැයි යන වග

තව දිනක මහ මග හමු වුණ
ඇමරිකානුවෙක් තරුණ විය පසු කළ
විමසීය මා, වියැකී ගිය
සුපිරි තරුවක් ගැන

“දන්නවද ඔබ සැමී ඩේවිස් ගැන?“
ඔබත් හරියට ඔහු වගෙයි...

ඉපිලුණු සිතින් සැණෙකින
පීරා බැලිමි ඔහු වත...
හමුවුණා මිනිසෙක් හෙබි කෙසඟ සිරුරින
කලු සුදු වර්ණ මිශ්‍රිත...

මගේ නම මෙන් මගේ හම
ඔවුනටත් වැඩියෙන් දැන් මට
හැබෑටම ප්‍රශ්නයක්...!

නම වෙනුවෙන් හම යන තුරු       වෙහෙසීම
හම වෙනුවෙන් අනෙකුන් බස්          වැනසීම
බස වෙනුවෙන් දැය රැකුමට              එක්වීම
අනේ මටනම් දැං ඇත්තටම ප්‍රශ්නයක්...........!



ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා

මනඃ චිත්‍ර

Friday, November 11, 2011

අසිහිගිරි ගී සිරි

මීලැස්
තී අත් ලූ එසයිමනට්
ලෙච් දුන් ඒ ප්ලස් බිජී
තී සිත් උනට් නො

බැචා ලී ගී

අථර්‍ -මියුලැසිය! තොපගේ අතැති පැවැරුමෙහි
ආචාර්‍ය්‍යයා විසින් දෙන ලද “ඒ“ ධන සාමර්ථ්‍යය බබළයි.
ඔබගේ සිතත් ඔවුනට ද?
කණ්ඩායම් සාමාජිකයා ලියූ ගීය.

විවරණ- එසයිමනට්: පැවැරුම යනු අර්‍ථයි; ඉංග්ලිෂියෙහි අසයින්මන්ට් යන්නෙන් බින්නයි.ලෙච්: ආචාර්යයා යනු අර්‍ථයි;ඉංග්ලිෂියෙහි ලෙක්චරර් යන්නෙන් බින්නයි.ඒ ප්ලස්: “ඒ“ ධන සාමර්ථ්‍යය යනු අර්‍ථයි; ඉංග්ලිෂියෙහි “ඒ“ ප්ලස් යන්නෙන් බින්නයි; අධ්‍යාපන ආයතනවල භාවිත ශ්‍රේණි සලකුණෙකි.බැචා: කණ්ඩායම් සාමාජිකයා යනු අර්‍ථයි; ඉංග්ලිෂියෙහි බැච් මේට් යන්නෙන් බින්නයි.

උපන් දිනේ

මෑතක් වෙන තුරුම
පැටලුනා හරියට මට
මගේ නිවැරදි උපන් දිනේ 

දහයයි එකොළහ ද දොළහද
නිච්චියක් තිබුණේම නෑ
මගේ යාලුවන්ට තියා මටවත්... 

වැදගත්ම ප්‍රශ්නය
ඉපදුණු එක නෙවෙයි
ජීවත් වෙන එක.... 

ඒත් අම්මාගේ ආදරේ කැටිවුණු 
නොවරදින උදෑසන කිරි බත
තෙදසකයකටත් වැඩි කලක්
සැපිරුවා සියලු පිරිපත
අඩුම කරමින් වසරකට එක් දවසක් බැගින්වත්

දැන් තමයිඒකට
උපන් දින සුබ පැතුම් දස අත
දුරු රට නැතත් මව් කිරිබත

ෆේස් බුක් බිතක්කන වපුරාමිතුරු සුමිතුරු නොමිතුරු 
නේක බසිනැලියූ සුබපැතුම්

පළමුව  ඔස්ට්‍රේලියානුවන් ද
දෙවනුව ලාංකිකයන්ද
තෙවනුව එංගලන්තවාසීන් ද
සිව්වැනිව කැනේඩියානුවන් ද
අවසන අවරදිග ඇමරිකානුවන් ද වන
ම‘ මිතුරන් බොහෝ දෙනසුබ පැතුම් එක් කළේ
ඒ ඒ රටවලට එකොළොස්වැනි දා උදාවෙන පිළිවෙළට

අහා අරුමෙකි!
ඇමරිකාවෙදි මම
දවසක් තරුණ වී ඇත්තෙමි

අනේ මම නොදනිමි
තවම නිච්චියක් නෑ නොවැ
දිනය ගැන මා ඉපදුණ

වැදගත්ම ප්‍රශ්නය
ඉපදුණු දිනය නොව
ජීවත් වෙන එක... 

පන්සලේ ගාමිණී

උදේ පාන්දර...
වැටෙන්නට ඔන්න මෙන්න;
කලිසමත් එක අතකින් අල්ල ගෙන...
අනික් අත් පොඩියෙන්;
චිමිනි බරාඳයේ එල්ලීගෙන...
හිතෙ ගින්දර ලිපෙ මොලවපු ;
ගාමිණී...
කවුරුත් දන්න අඳුරන..,
පන්සලේ ගාමිණී....

වතුර ගෙනෙන් ගාමිණී..!
තේ හදපන් ගාමිණී..!
අතුගාපන් ගාමිණී..!
කඩේ යමන් ගාමිණී..!

නැතත් සිත එක තැන්...
ලොබ නොවී කිසිත් පින් කම්...
ඉල්ලුවේ නැතත් කිසි සරණක්..
කළා  ගාමිණී පින්කම් ...
විඳිමින් නේක දුක් දොම්නස්..

"අනේ ලොකු හාමුදුරුවනේ
ගාමිණියා පැනල ගිහින්.."  

"හා හා පොඩිනම...
ඇයිද ඔය හැටි කලබල..?
නැති වෙද්දි වේල එක දෙක..
ඕකා ආයෙ ඒවි..."

අහරක් නොවී කුස රැකුමට...
ගියා ගාමිණී රට රැකුමට...

ආවෙ පන්සල පැත්තට...
බෝදි පුජාවට...
නිවාඩුවට ගම ආවම...

කොටි එකා දෙන්නා..
බාවමින් රට රැක්කා..
සිහිකළා හසලක ගාමිණී..
" මගෙ නම" මැයි කිය කියා...

එන විට දිනක් බැරැක්කය වෙත..
අහවරව මිනිස් දඩයම...
දැක්කා ගාමිණී එක් අඹ තුරක්..
සිවුරක් වනාලූ සදිසි දසුනක්.. 
මැවුනා පන්සලෙ ගිරාඹ ගහ..
අයිතියක් නොවුණු අඹයක් කෑමට ..
ගාමිණී  කෑ වේම කුණු අඹ ගෙඩි නෙව...

පීනා ගිය ප්‍රීතියෙන්...
එළි කළා බිළිඳූ සිහිනයක්...
වින්ඳා රටක් රාජ්‍යයක්...
දිනූ සතුටක් එක් ක්ෂණයක්...

සමහර විටෙක
ජීවිතේ
අත්වින්ද
එකමෙක
නිමේශය

පය තැබූ සැනෙකින...
විසල් අඹතුර පාමුල..

රණවිරු ගාමිණී පිපිරුණා....

බට්ටෙක් පය පැටලිලා...