ඒ කිසිවක්
සිදු විය යුතුව නොතිබූ බව
මම නොකීවෙමි...
ඇතැම් විට ඔබටත්
ඇතැම් විට මටවත්
ඇතැම් විය අපකාටවත්
ඇඟවුම් කරගත නොහැකි වු යමක්...
බාගවිට හිස් තැනක්, තනිකමක්...
සෙවුවාද විය හැකියි...
ඔබ සෙවූ දේ මට ලැබෙද්දී
මා සෙවූ දේ ඔබ සොයාගෙන
ඒහෙත් අප එකලාව......
නමුත් ඒ
කිසි දෙයක්
සිදුවිය යුතුව නොතිබූ බව
අදත් මම නොකියමි.