පුංචි කාලෙදි මං ආසම නැත්තෙ
මගේ නමේ මුල් අකුරට
උඩින් අංඩයි, යටින් අංඩයි
අමාරුයි ලියන්න කොයි විදියටවත්
කියන්න ගියාම ඊටත් එහා
එහා වැටේ හිටපු මගෙ යාලුවො
ජගත්, දෙවෙනි, කැකුළු එහෙම
මට කිව්වෙ එකේක නම්
උන්නෙ කටට එනේන තාලෙට
එකෙක් පිසාංත, තවෙකෙක් තිසාංත
ඉස්කෝලෙදි නම් නං හතරයි මට
කෙල්ලො කටවල් උල් කර
කිව්වා මගේ මුල් නම
උෂ්මාක්ෂරෙත් හරි සද්දෙට
කොල්ලංට නම් ඉතිං ඔහෙ
නිකම්ම නිකං ‘කිරී‘ මං
නැත්තං ඉතිං ‘කිරියා‘
මුල් නම ‘ක්‍රිෂ්ණ‘ ගෙන් බිඳුනෙන්
අග නම බටහිරෙන් ආවෙන්
සිංහල ගුරුතුමී නං
කිව්වේ මගේ මැද නම
එතුමිය හරිම කැමතියි
ආරිය සිංහල නම්වලට
“උතුරෙන් සැඩි දෙමළු,
දකුණෙන් අධිරාජ්‍යවාදියො“
ඉංග්‍රීසි ටීචර් නම්
සිංහල ගුරුතුමී එක්ක මිතුරුයි කවදත්
ඒත් එතුමිය නම්
ප්‍රිය කළා මගේ අග නම
ඉසිරුවා එය උප්පැන්නෙ පිළිවෙළටම
ඉතිං ඇහුවොත් කවුරුහරි
‘මොකක්ද ඔයා ගේ නම‘
එතරම් විපිලිසර පැනයක්
තිබුණෙ නෑ මට කවදාවත්
දිනෙක එන විට ගුවනින
ලොස්ඇන්ජලීස් නුවරට
සිටියා තරබාරු අඟනක්
ඉඳගෙන මා අසලින
ඈ සිනා බරිතව
ඇමතීය මා නොතේරෙන
ස්පාඤ්ඤ භාෂාවෙන
විපිළිසර මා මතකය
දිව ගියා කොම්පඤ්ඤ වීදියට
පිපිඤ්ඤ පටවන මිනිසුන් ගැවසෙන
නොමැත්තෙන් දැනුමදුකුදු
ස්පාඤ්ඤය ගැන
දිනක් සරසවියේදි හමු වුණ
මොට්ටැක්කිලියක් පැළැඳි යෙහෙළිය
විමසුවා මගෙ රට
අරාබිය දැයි යන වග
තව දිනක මහ මග හමු වුණ
ඇමරිකානුවෙක් තරුණ විය පසු කළ
විමසීය මා, වියැකී ගිය
සුපිරි තරුවක් ගැන
“දන්නවද ඔබ සැමී ඩේවිස් ගැන?“
ඔබත් හරියට ඔහු වගෙයි...
ඉපිලුණු සිතින් සැණෙකින
පීරා බැලිමි ඔහු වත...
හමුවුණා මිනිසෙක් හෙබි කෙසඟ සිරුරින
කලු සුදු වර්ණ මිශ්‍රිත...
මගේ නම මෙන් මගේ හම
ඔවුනටත් වැඩියෙන් දැන් මට
හැබෑටම ප්‍රශ්නයක්...!
නම වෙනුවෙන් හම යන තුරු වෙහෙසීම
හම වෙනුවෙන් අනෙකුන් බස් වැනසීම
බස වෙනුවෙන් දැය රැකුමට එක්වීම
අනේ මටනම් දැං ඇත්තටම ප්‍රශ්නයක්...........!
ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියා
No comments:
Post a Comment