Friday, November 11, 2011

උපන් දිනේ

මෑතක් වෙන තුරුම
පැටලුනා හරියට මට
මගේ නිවැරදි උපන් දිනේ 

දහයයි එකොළහ ද දොළහද
නිච්චියක් තිබුණේම නෑ
මගේ යාලුවන්ට තියා මටවත්... 

වැදගත්ම ප්‍රශ්නය
ඉපදුණු එක නෙවෙයි
ජීවත් වෙන එක.... 

ඒත් අම්මාගේ ආදරේ කැටිවුණු 
නොවරදින උදෑසන කිරි බත
තෙදසකයකටත් වැඩි කලක්
සැපිරුවා සියලු පිරිපත
අඩුම කරමින් වසරකට එක් දවසක් බැගින්වත්

දැන් තමයිඒකට
උපන් දින සුබ පැතුම් දස අත
දුරු රට නැතත් මව් කිරිබත

ෆේස් බුක් බිතක්කන වපුරාමිතුරු සුමිතුරු නොමිතුරු 
නේක බසිනැලියූ සුබපැතුම්

පළමුව  ඔස්ට්‍රේලියානුවන් ද
දෙවනුව ලාංකිකයන්ද
තෙවනුව එංගලන්තවාසීන් ද
සිව්වැනිව කැනේඩියානුවන් ද
අවසන අවරදිග ඇමරිකානුවන් ද වන
ම‘ මිතුරන් බොහෝ දෙනසුබ පැතුම් එක් කළේ
ඒ ඒ රටවලට එකොළොස්වැනි දා උදාවෙන පිළිවෙළට

අහා අරුමෙකි!
ඇමරිකාවෙදි මම
දවසක් තරුණ වී ඇත්තෙමි

අනේ මම නොදනිමි
තවම නිච්චියක් නෑ නොවැ
දිනය ගැන මා ඉපදුණ

වැදගත්ම ප්‍රශ්නය
ඉපදුණු දිනය නොව
ජීවත් වෙන එක... 

3 comments:

  1. අහො දුකකි මිතුර,
    …ඒ ඔබ,
    …මතක්වී කල සුබ පැතුම් යැයි,
    …වරදවා නොවටහා ගන්න...

    …මූනුපොත ඇතුලෙ උන්
    …බලෙන් මතක් කර දුන්
    …සිහි ගැන්වීමකින් …මිස
    …හද තුලින් ආ සුපැතුම් නොවේ.....

    ReplyDelete
  2. සියල්ල යථාර්ථය ඉක්මවා ගිය මොහොතක හිතේ උපදින මන්ස්කාර විතරක් යථාර්ථයක් නොවෙන බව මම දනිමි මිතුර.

    ReplyDelete